හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදවා ගැනීමට යුද හමුදාව පෙරට - මෙම ප්‍රදේශවල ජනතාවට දැනුවත් කිරීමක්
By Kaushi
අද (03) දින පස්වරුවේ කොටගල සහ ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශවල හටගත් ජලගැල්ම හේතුවෙන් පීඩාවට පත් ජනතාව යුද හමුදා භට පිරිස් විසින් සාර්ථකව මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළා.
ඒ අනුව හැටන් සිට නාවලපිටිය දක්වා ගලා බසින හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේ වතු නිවාස පෙළක් ජලයෙන් යට වුණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අවදානමට ලක්වූ පවුල් 24ක් මෙසේ යුද හමුදා භට පිරිස් විසින් ආරක්ෂිතව මුදාගෙන තිබුණා.
එසේ මුදාගත් ප්‍රදේශ ලෙස, ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයාය, හැටන් කොටගල කොමර්ෂල් වතුයාය, ලොග්හිල් වතුයාය සහ මේෆීල්ඩ් වතුයාය සඳහන්.
මෙම වතුයායන්හි ජලගැල්මට හසුවී සිටි වතු ජනතාව ඇතුළු පිරිස මෙසේ මුදාගෙන ඇත්තේ කොටගල 56 වන බල සේනා මූලස්ථානයේ භට පිරිස්වල කඩිනම් මැදිහත්වීමෙන් බව සඳහන්.