නාවික හමුදා බිහිසුණු මෙහෙයුමක්.. ගැඹුරු මුහුදෙන් හමුවුණු දේ.. වීඩියෝ සහිතයි(VIDEO)
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.
යුධ සිදු කළ එම බිහිසුණු මෙහෙයුම මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |