පොලිස් සැරයන්වරයෙකුට පොලීසියෙන්ම අසාධාරණයක්

police officer navalapitiya retire officer W.D.Ariyapola hadhunvala
By Sewvandhi Aug 06, 2021 01:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයකුට උල් ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදකට චෝදනා ලත් පුද්ගලයෙක් දින ගණනාවක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලීසිය පියවර නොගන්නා බවට පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.

අදාල පහරදීමේ සිද්ධිය පසුගිය තුන් වන දා රාත්‍රී කාලයේ දී සිදුවූ බවටයි ඥාතීන් පවසන්නේ. මෙම සිදුවීමේදී පහරකෑ ඩබ්ලිව්.ඩී ආරියපාල පොලිසියේ වසර තිස් තුනකට අධික සේවා කාලයක් නිමා කළ පොලිස් සැරයන් වරයෙක්. ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගොස් ඇත්තේය පසුගිය සතියේදී.

පසුගිය තුන්වැනිදා සිය වෙළඳසැලෙන් භාණ්ඩ කීපයක් මිලදී ගත් පුද්ගලයෙකු නිවසට ගෙනගොස් ඇරලීමට නාවලපිටිය හදුන්වල ප්‍රදේශයට පහරකෑ පොලිස් සැරයන්වරයා සිය ත්‍රිරෝද රථයෙන් පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 11ට පමණ බවයි වාර්තා වන්නේ.

ඔහු යන මග අවහිර කරමින් නවතා තිබු කාර් රථයක් ඉවත් කිරීමට තමන් කීප වරක් සිය ත්‍රිරෝද රථයේ නලාව නාද කල බවත් ඉන්පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කරගැනීමෙන් පසු ඔහු අදාළ පුද්ගලයා නිවසට ඇරලවීමෙන් පසු එන අතරවාරයේ මෝටර් රථයේ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථය පසුපස හඹාවිත් තමන්ට පහර දුන් බවත් පහර කෑ විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයා පවසනවා.

මෙහිදී තමන්ට උල් ආයුධයකින් පහර දුන් බවත් තමාගේ ගෙල බැඳි ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකා ගත් බවත් පවසමින් ඔහු නාවලපිටිය පොලිීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම පහර දීමට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසිය අසමත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීීසියෙන් සිදුකළ විමසීමකදී අපගේ ඇමතුමට පිළිතුරු දුන් නිලධාරීහු කියා සිටියේ පහරදීමට චෝදනා ලත් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි අප සමග අදහස් දැක්වූ පොලිස් නිලධාරියා කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිස් සැරයන් වරයාට පහර දුන් පුද්ගලයා මීට පෙර සිදු කරන ලද රථ වාහන වරදක් හේතුවෙන් රිය ධාවන බලපත්‍රය අත්හිටවූ වූ පුද්ගලයෙක් බවයි වාර්ථා වන්නේ.

එමෙන්ම දින 14ක රක්ෂිත බන්ධනාගාර කාලයක් ගෙවා දැමූ අදාළ පුද්ගලයා ඉන් නිදහස් වී පැමිණ ඇත්තේ ද පහරදීම සිදුකළ දිනට දින කීපයකට පෙරාතුව බව පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha