සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත - දැනුම්දී තිබියදීත් හැඳුනුම්පත හදන්න පිරිස් එයි

Report

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දින දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් නිසා එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි.

එවැනි පසුබිමක අද උදෑසන සිට පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ජනතාව පැමිණ තිබෙන බව වාර්තා වේ.

පද්ධති බිඳවැටීමෙන් ජාතික හැඳුනුම්පත් සේවා තාවකාලික නවතියි

පද්ධති බිඳවැටීමෙන් ජාතික හැඳුනුම්පත් සේවා තාවකාලික නවතියි

එසේම ඇතැම් පිරිස් ඉකුත් අඟහරුවාදා පැමිණ සිය කටයුතු සිදුකර ගැනීමට නොහැකිව පැමිණි පුද්ගලයන් බව ද සඳහන්.

මේ අතර ගංවතුරට හැඳුනුම්පත නැති වූ පාසල් සිසුන්ද මෙහි පැමිණ ඇති බව පවසයි. ඒ ඔවුන්ට සඳුදා පැවැත්වෙන ක්‍රීඩා තරගයක් වෙනුවෙන් හැඳුනුම්පත අනිවාර්ය වී ඇති බව පවසමින්.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

උඩ ගිය වේගෙන් බිමට වැටුණු රන් මිල - අද ආයෙත් අඩු වෙයි

උඩ ගිය වේගෙන් බිමට වැටුණු රන් මිල - අද ආයෙත් අඩු වෙයි

අඳාළ වීඩියෝව පහතින්,