අද සිට ඇරඹෙන ජාතික නීති සතිය.
Sri Lanka
Supreme Court of Sri Lanka
Bar Association of Sri Lanka
Law and Order
By Hashini
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව පවසනවා.
අද සිට ඔක්තෝම්බර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වනවා.
ලබන වසර වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා වසර 50ක් සපිරෙන අතර ඒ වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කල බව එම සංගමය පවසනවා.
එහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදීම සහ මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබා දීම සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කර ගනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබා දීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
