උප්පැන්නයක් නොමැති අයටත් ජාතික හැඳුනුම්පතක්.

Sri Lanka
By krishani Aug 29, 2023 04:32 PM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

මේ සඳහා ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය සහිත ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයදුම් කළ හැකිය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි සඳහන් කළේ ය.

ReeCha