හෙට දිනට රටටම අඳාළ විශේෂ නිවේදනයක් - යළි පෙබරවාරි 12 සිට
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (11) දිනයේදීත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව හෙට (11) දිනට අදාළ නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.
පෙබරවාරි 12 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවද අඳාළ නිවේදනයේ දැක්වේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද අඳාළ නිවේදනයේ දක්වා ඇත.