අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් සහ ගුරු උපදේශකවරයෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අඳාළ සැකකරුවන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව බව සඳහන්.

පැමිණිලිකරු සේවය අතහැර යාම නිසා ඔහු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් අල්ලස් ලෙස රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් ඉල්ලා ඇත.

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

ඒ අනුව එම මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අඳාළ සැකකරුවන් දෙපළ අද පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මඟින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බව සඳහන්.

'අපිව විකුණන් කනවා අහුවෙන්න එපා' ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සැර වෙයි

'අපිව විකුණන් කනවා අහුවෙන්න එපා' ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සැර වෙයි

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්