මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත ඒත් මෙච්චර වේලාසන...රෝහලක්ම හඬවා ජීවිතයෙන් සමුගත්ත හිත හොඳ දොස්තර

Report

වෛද්‍යවරු කියන්නේ මිහිපිට දෙවිවරු කියනවනේ.

එහෙම හිටපු මිහිපිට දෙවියෙක්ගේ හදිසි සමුගැනීමක් නිසා බොහෝ අයට ඒ මරණය දරා ගන්න බෑ.

නිතරම කාර්යබහුලව පවතින කොළඹ ජාතික රෝහලේ තමන්ගේ විවේකය පවා කැප කරලා රෝගීන් සුවපත් කරන්න මහන්සි වුණු, හැමෝගෙම ආදරය දිනූ ඔහු වෛද්‍ය සදුන් පුලස්ති මහතා.

ඒ ආදාරේ නිසාම හැමෝම ඔහුට කිව්වේ "හිතහොඳ දොස්තර" කියලා.

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

ඒත් කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට, ඉකුත් දවසක ඔහු හදිසියේම මෙලොව හැර ගියා. මිය යන විට අවුරුදු 42ක් වූ වෛද්‍ය සදුන් පුලස්ති මහතා මියගිහින් තියෙන්නේ හදිසියේ ඇතිවුණු හෘදයාබාධයකින් කියලා තමයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ වන ඩිලානි ලියනගේ මහත්මියත් වෛද්‍යවරියක් විදිහට සේවය කරන අතර, සදුන් මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. ඔහුගේ වියෝවෙන් ජාතික රෝහලේ සේවක මණ්ඩලය වගේම සමාජ මාධ්‍යයෙත් විවිධ සටහන් දක්නට ලැබුණා. ඒ අතර ඔහුගේ සමීපතමයෙක් මුහුණුපොතේ තබා තිබුණේ මෙවැනි සටහනක්,

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

"මොනවා කියන්නද මල්ලි... මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත. ඒත් මෙච්චර වේලාසන තවත් මිනිස්සුන්ව සුවපත් කරන්න හිටපු මිනිහෙක් නේද ඔබ... ගමේ කොල්ලෙක් විදියට හැමෝටම උදව් කරගෙන නිදහසේ හිටපු හොඳ හිතක් තිබ්බ කෙනෙක්... අද ඒ හැමෝම විඳින වේදනාව ඔබ දන්නවා නම් ඔවුන් සුවපත් කරන්න ඔබ ආයෙත් එන බව විශ්වාසයි"

කෙසේ වුවත් දහසක් රෝගීන්ගේ ජීවිතවලට සුවය දීපු මේ "හිතහොඳ දොස්තර" මහතා විශාල පිරිසකගේ සෝසුම් මැද සදහටම මිහිදන් වුණේ මෙවැනි මානුෂීය වෛද්‍යවරයෙකුගේ වියෝව රටටම විශාල පාඩුවක් බව මතක් කරමින්.

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්

කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්