කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

Report

මුම්බායි නුවර එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු මිය යාමට හේතුව පැණි කොමඩු අනුභව කිරීම බවට පැතිර යාමත් සමඟ මුම්බායි සහ ඒ අවට ප්‍රදේශවල පැණි කොමඩු මිල විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පැතිර ගිය පුවත් අසත්‍ය බවත්, එය කිසියම් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් සිදු වූවක් බවටත් නවතම අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් තොරතුරු හෙළි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 45 හැවිරිදි මොබයිල් උපාංග අලෙවිකරුවෙකු වූ අබ්දුල්ලා ඩොකාඩියා, ඔහුගේ බිරිඳ නස්රීන් (35), සහ දියණියන් දෙදෙනා වන සයිනබ් (13) සහ අයේෂා (16) යන අයයි.

මෙක්සිකෝවේ බිහිසුණු අනතුරක් - 11 ක් මරුට 32 දෙනෙකුට තුවාල

මෙක්සිකෝවේ බිහිසුණු අනතුරක් - 11 ක් මරුට 32 දෙනෙකුට තුවාල

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඥාතීන් පිරිසක් සමඟ රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව අලුයම 1:00 ට පමණ මෙම පවුලේ පිරිස පැණි කොමඩු අනුභව කර තිබෙනවා.

පසුව අලුයම 5:00 වන විට ඔවුන් සියලු දෙනා වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් අසනීප වී ඇති අතර, පැය කිහිපයක් ඇතුළත ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම මූලික පරීක්ෂණවලට අනුව මියගිය පුද්ගලයන්ගේ මොළය, හෘදය සහ අන්ත්‍ර ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කොළ පැහැයට හැරී ඇති බව සඳහන්. කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ සාමාන්‍ය ආහාර විෂ වීමකදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.

එමෙන්ම පවුලේ ප්‍රධානියා වූ අබ්දුල්ලාගේ සිරුරේ තිබී මෝෆීන් (Morphine) නමැති ප්‍රබල වේදනා නාශකය අඩංගු වී තිබූ බවට ද සාධක හමු වී ඇති බව සඳහන්. එය වෛද්‍ය උපදෙස් මත ලබාගත් එකක්ද, නැතහොත් වෙනත් සැකකටයුතු මැදිහත්වීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්

කෙසේ වුවද මෙම මරණය සහ කොමඩු අනුභවය අතර සෘජු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති බව ඉන්දීය ආහාර හා ඖෂධ පාලන අධිකාරිය දැනුම් දෙයි.

ඒ අනුව මෙය හදිසි මරණයක් සේ සලකා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර එදින රාත්‍රියේ ඔවුන් සමඟ ආහාර ගත් අනෙකුත් ඥාතීන් පස්දෙනාට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් මතු වී නොමැති බවත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් සඳහන්.

එසේම පවුල කිසියම් මානසික පීඩනයකින් පසු වූයේද යන්න පිළිබඳවද අවධානය යොමුව ඇත.

මේ අතර වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා මියගිය අයගේ ශරීර කොටස් රසායනාගාර වෙත යවා ඇති අතර, අවසන් වාර්තාව ලැබෙන තෙක් මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි බව බලධාරීන් අවධාරණය කරන බව වාර්තා වේ.

තත්ත්වය දරුණු වෙයි - බ්‍රිතාන්‍යයේ ඉන්න මේ අයට විශේෂ ආරක්ෂක නිවේදනයක්

තත්ත්වය දරුණු වෙයි - බ්‍රිතාන්‍යයේ ඉන්න මේ අයට විශේෂ ආරක්ෂක නිවේදනයක්

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයට? දේශපාලනයම උඩුයටිකුරු වෙයි - තමිල්නාඩුවම හෙල්ලෙන අනාවරණයක් මෙන්න