නතාෂා ගේ ප්‍රකාශයන්ට සිනාසෙමින් ඔල්වරසන් දුන් අයට වැඩ වරඳී..ඒ අයගෙන් පිරිසක් මෙන්න.(PHOTOS)

Police spokesman Sri Lanka Police Youtube Sri Lanka Social Media Actors
By Aruna May 29, 2023 03:02 AM GMT
Aruna

Aruna

Report

නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් සිදුකරන අවස්ථාවේ දී එම ප්‍රකාශයන්ට සිනාසෙමින් එහි රැඳී සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එවැනි ප්‍රකාශයන් සිදුකිරීම සඳහා ඇයට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අනාවරණය කරගැනීමට ද විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ, අනුව ආරක්ෂක අංශ සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පුද්ගලයින් අත්අඩංගුවට පත්වනු ඇති බවයි.

මේ අතර නතාෂා එදිරිසූරිය නැමැත්තිය අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මේ වනවිටත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

එමෙන්ම පෙරේදා (27) රාත්‍රියේ දී රටින් පිටවීමට යෑමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, අදාළ තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (28) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery