නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ගුවන් යානා දිවයිනට
By Sewvandhi
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාව ට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.
වාර්තාකරු සඳහන් කළේ, ඉන් පළමු ගුවන්යානය අද අලුයම 12.06ට පමණ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර 72,576ක් රැගෙන දිවයිනට ළඟා වු බවය.අනෙක් ගුවන් යානය අලුයම 3.02ට පමණ නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් 72,576ක් රැගෙන දිවයිනට ළඟා වී තිබේ.
එම ගුවන් යානා මඟින් රැගෙන ආ පොහොර තොගය කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |