මාසික වැටුප ලක්ෂ 25 ක්ද..? මහ බැංකු අධිපති තම වැටුප හෙළිකරයි..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Sewvandhi Nov 24, 2022 10:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ සියලු චෝදනා අසත්‍ය ඒවා බව තරයේ කියා සිටියේය. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය පහතින් දැක්වේ.

"මම වගකීමෙන් කියන්නේ පළවෙනුවම ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඉතාම කනගාටුයි රටේ වගකිව යුතු දේශපාලඥයෝ මේ වගේ යම්කිසි බොරු ප්‍රකාශයක් කිව්වාම ඒක ඇත්ත කියලා හැමතැනම ප්‍රකාශ කිරීම ගැන. පළවෙනි කාරණය මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මේක වගකීමක් සහිතව කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මම සහ අපේ මහ බැංකුවෙන් යම්කිසි ආකාරයකට ගියේ රට නියෝජනය කිරීම සඳහා. හැමෝටම ලැබුණු වැටුප මට ලැබිලා තියෙනවා.

නමුත් මම පැහැදිලිව කියනවා මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මට ලක්ෂ 25ක වැටුපත් කියන කතාවත් සම්පූර්ණ බොරුවක්. මම මහ බැංකුවේ අධිපති විදියට, මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කරලා ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා. මහ බැංකු අධිපති විදියට මම ආවා. මෙතෙක්කල් හිටිය හැම අධිපතිවරයාටම ලැබෙන යම්කිසි වැටුපක්, වාහනයක්, නිවසක් ලැබෙනවා නම් මට ලැබෙන්නේත් ඒකම තමයි. මහ බැංකු අධිපති වශයෙන්, රජයේ නිලධාරියෙක් වශයෙන් මම කියන්න ඕනේ, මහ බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසෙකට ලක්ෂ 4යි. මට ලැබුණු විශ්‍රාම වැටුප ලැබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha