ලංකාවේ මීලගට කළයුතු දේ ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Apr 12, 2023 03:04 AM GMT
Aruna

Aruna

Report

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now