ආර්ථිකයෙන් ගොඩ එන්න කළ යුතු දේ ගැන මහ බැංකු අදිපති කළ ප්‍රකාශය

By Sithumi Nov 20, 2022 06:14 PM GMT
Sithumi

Sithumi

Report

 මේවනවිට රට මුහුණ පා සිටින අසීරු ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අමාරු තීරණ ගත යුතුව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 

 එලෙස ගනු ලබන තීරණ ජනප්‍රිය තීරණ නොවන බැවින් එම තීරණවලින් යම් කොටසක් පීඩාවට පත්විය හැකි බවයි මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. 

 රටක ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දක්ෂ සහ සුදුසුකම් ඇති පුද්ගලයින් එම තනතුරුවල දීර්ඝ කාලයක් කටයුතු කරන්නේ නම් රට මෙම තත්ත්වයට පත් නොවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.