හැමෝම කතා වෙන කවුද මේ මාළිමාවෙන් ජාතික ලැයිස්තුවට ආ පුද්ගලයා..

Parliament of Sri Lanka Election Local government Election Latest Headlines AKD
By Sewvandhi Oct 11, 2024 04:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දවසේ අහන්න ලැබුණ තවත් විශේෂ පුවතක් තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුව. 

හැමෝම කතා වෙන ජාතික ලැයිස්තුවටත් ගිය ආබාධිත ඔහු කවුද..?

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ඔහු ඇත්තටම හොඳ සාහිත්‍ය රසිකයෙක්.. ආබාධ සහිත පුද්ගලයෙකුගේ නම, 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා...

සුගත් වසන්ත ද සිල්වා නැමති මේ පුද්ගලයා තියුණු චින්තකයෙක් සහිත අයෙකු වන අතර ඔහු දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙක් ලෙසයි සැලකෙන්නේ.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේ ඊයේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට අත්සන් තබා තිබෙනවා.

ඒ වෙනුවෙන් සටහන් සහ ඡායාරූපයක්ද සමාජමාධ්‍යයේ දැකගන්නට පුළුවන් වුණා... 

Gallery