පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නාමල් ගෙන් දැනුම්දීමක්..

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna President of Sri lanka Presidential Update
By Aruna Apr 25, 2024 02:19 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂය තුළ අපේක්ෂකයින් කිහිපදෙනෙකුම සිටින බවයි, මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

"විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට එළැබෙන්නේ මොන මැතිවරණය ද ඒකට අපි සුදානම්.

ඔයාලා දකිනවා ඇති ලංකාවේ කොතැන ගිහින් අපේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ කැඳවූවත් සියලූම අපේක්ෂකයෝ අපේ රැස්වීම්වලට සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ අපි ගමේ අදටත් ක්‍රියාකාරී. අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඡන්දය තියයි ද නැද්ද දන්නෙත් නෑ. අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

එතකොට ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙනවා. අපේක්ෂකයා පිළිබඳව වෙලාවට කියන්නම්.

ඒවා ඉතින් කලින් කියන්න ඕනේ දේවල් නෙමෙයි නේ. ඔබතුමන්ලා මගෙන් මීට කලින් ඇහුවේ ප්‍රාදේශීය සභාවේ ඉල්ලන්න අපේක්ෂකයෝ ඉන්නවා ද කියලා.

දැන් ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ලැයිස්තුවක් ඉන්නවා. ඒකෙන් අපි කාලෙට සුදුසු සහ අභියෝග ජයගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා."

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පැවසුවේ, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කුමන උපක්‍රම යෙදුව ද ඒවා සාර්ථක නොවනු ඇති බවයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා සඳහන් කළේ, රට සංවර්ධනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විධිමත් වැඩපිළිවෙලක් පවතින බවයි.

.............................................................

May you Like