ඩෙංගු හා චිකුන් ගුන්යා රෝග පාලනයට විශේෂ වැඩසටහනක්

Report

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු හා චිකුන් ගුන්යා රෝග පාලනය කිරීමේ අරමුණෙන් අද (ජූනි 20) සිට ලබන 30 වන දා දක්වා දස දින විශේෂ වැඩසටහනක් දියත් කිරීමට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම තීන්දුව ගෙන ඇත්තේ කොළඹ මහනගර සභාව, ගොතටුව, කඩුවෙල, මහරගම, පිටකොටුව යන සෞඛ්‍ය සේවා බල ප්‍රදේශවල ඩෙංගු සහ චිකුන් ගුන්යා රෝගයේ ඉහළ ව්‍යාප්තියක් වාර්තා වන බවට සෞඛ්‍ය අංශ කළ දැනුම් දීම මතයි.

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ඒ අනුව, අද සිට ලබන 30 වන දා දක්වා කාලයේදී දිස්ත්‍රික්කයේ සියලු ම නිවාස ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩසටහන් සහ පවිත්‍රතා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

මෙම දින දහයෙන් පසු එහි ප්‍රගතිය පිළිබඳව නැවතත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ප්‍රමුඛ සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රගති සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යුද උණුසුම මැද තෙල් මිල ඉහළට

යුද උණුසුම මැද තෙල් මිල ඉහළට

මේ සම්බන්ධයෙන් පසුගිය දා පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අංශ ප්‍රධානින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරිහු සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.