ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් නාමල්ගෙනුත් සුබ පණිවිඩයක්
By Kanchana
රාමසාන් උත්සවය මහත් හරසරින් සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කර තිබේ.
එතුමා සදහන් කරන්නේ මෙම රාමසාන් උත්සවය සහෝදරත්වයේ වටිනාකම ඉස්මතු කරන්නක් වන බවයි.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා සිය facebook ගිණුමෙහි ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබුණේ මෙලෙසයි .
''කරුණාව,දයාව සහ එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සමාජයක මෙන්ම ලෝකයේ අනාගත යහපැවැත්ම උදෙසා වැදගත් වන්නේය. ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් එකට එක් වී පිළිවෙතක් ලෙස ගත කළ උපවාස කාලය නිම කරමින් සමරනු ලබන රාමසාන් උත්සවය ලොව පුරා ජනතාවට සංහිඳියාවේ සහ සහෝදරත්වයේ වටිනාකම ඉස්මතු කරන්නකි. එකිනෙකාගේ අවශ්‍යතාවන් අවබෝධ කරගනිමින් මෙම අසිරිමත් රාමසාන් උත්සවයේ දී සාමය ලොව පුරා උදා වේවායි ප්‍රාර්ථනා කරමි.''