නාමල් නව තනතුරකට පත්කෙරේ..අනිල් ජාසිංහටත් ඉහළම තනතුරක්.

Anil Jasinghe Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe
By Aruna Oct 07, 2021 06:58 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති වරයා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පැවති නිලවරණය සඳහා වූ රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධුරය සඳහා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබෙනවා.

ඊයේ කොරියා ජනරයේ සුවොන් සිටි හි පැවැති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසරක කාලයකට මෙසේ සභාපතිධුරය සඳහා පත් කර ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now