අරගලයේ සහයත් නාමල්ට..? අරගලයේ තරුණයිනුත් පැත්ත මාරු කරලද..?
Namal Rajapaksa
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සියල්ලම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වටා තිබෙන බවද ඔහු සඳහන් කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති හමුවකින් පසුවයි, රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.
යොවුන් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහ තරුණ සේවා සභාවේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හමුව තිබෙනවා.
