රාජපක්ෂ නම යොදාගෙන වැරදි වැඩ කරන අයට විරුද්ධව පොලිසි යන්න - නාමල් ඉල්ලයි

Srilanka Namal rajaoaksha gotabahya
By Sithumi Sep 26, 2021 10:10 AM GMT
Sithumi

Sithumi

Report

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන ජනමාධ්‍ය ඔස්සේ චෝදනා නොකර පොලිසියට පැමිණිලි කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

ඉකුත් 24 වෙනිදා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූ ඇමැතිවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවූ විට ඔවුන් ප්‍රශ්න කර සිටියේ 'රාජපක්ෂ පවුලේ සමීපතමයන්' යැයි පවසා පරිසර හානි පමුණුවමින්, නීති විරෝධී ලෙස වැලි හැරීමේ නිරත ව්‍යාපාරිකයකු ගැනයි. 

  අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ හා පරිසර ඇමැති මහින්ද අමරවීර ගේ හිතවතෙක් ලෙස අඟවමින් හම්බන්තොට පදිංචිකරුවකු වන ජානක සමරසේකර නමැත්තෙක් මඩකලපුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් වැලි හාරන බවට චෝදනා එල්ල වී ඇත්තේ. 

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන්ගේ පරම්පරා නාමය පාවිච්චි කිරීම ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට පහසු මාර්ගයක් බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ''ඔය චෝදනාව හැමෝම කරනවා. 

පාර්ලිමේන්තුවේ විපක්ෂයත් කරනවා. ලේසිම දේ අපේ නම කියන එක, විපක්‍ෂය හිතනවා රාජපක්‍ෂලාගේ නම කියපුවාම මාධ්‍යයේ ඒ නිවුස් එක දායි කියලා, කරන්න ඕනේ මාධ්‍යයට ඇවිත් දඟලන එක නොවේ නීතිය ක්‍රියාත්මක කරන එක, අපේ නම පාවිච්චි කරලා එහෙම දෙයක් කරනවා නම් බය නැතුව ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. 

මමත් එන්නම් සාක්‍ෂි දෙන්න, අපි එහෙම නැහැ කියලා, උපරිම දඩුවම් දෙන්න නීතියට අනුව. නැතුව පාර්ලිමේන්තුවේ, මාධ්‍ය සාකච්චා වලදී කෑගැව්වට පොලිස් පොතේ ලියවෙන්නේ නෑ,'' යැයි නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ. 

  කෙසේවෙතත් මඩකලපුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේත් ප්‍රකාශ කර තිබුනේ සිදුකෙරෙන දැවැන්ත පාරිසරික විනාශය ගැන කොතෙක් පැමිණිලි කළත් පොලිසිය නීතිමය පියවර ගෙන නැති බවයි. නැගෙනහිර පලාතෙන් කණිනු ලබන වැලි මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතු සඳහා විකුණනු ලබන්නේදැයි මන්ත්‍රීවරයා සැක පල කර සිටියා. 

මාලදිවයිනේ ඉදිකිරීම් වල නියුතු ශ්‍රී ලංකික සමාගම් වල ප්‍රයෝජනය සඳහා පිරිපහදු වැලි කියුබ් අටක් පමණ “ඉතා සුළු ප්‍රමාණයක්” කියුබ් එකක් රුපියල් එක්ලක්ෂ අසූ දහසක් බැගින් අලෙවි කරන ලද බව තහවුරු කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී සජ්ජන ද සිල්වා ඉංජිනේරුවරයාගේ අත්සනින් සැප්තැම්බර් 13 දා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යවන ලද ලිපියක් ඊට සාක්ෂි වශයෙන් රාසමානික්කම් මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණා. 

  ජානක සමරසේකර විසින් මඩකලපුව බදුල්ල පාරේ පාලමඩුව ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස අඩි 50 කට ගැඹුරට වැලි කැනීම් කර එම ප්‍රදේශය බරපතල පාරිසරික ව්‍යසනයකට පත්ව ඇතත් ඒ කෙරෙහි ප්‍රදේශයේ බලධාරීන් නිහඩව ඇත්තේ රාජපක්‍ෂ පවුල සමඟ ඔහුට ඇති සමීප සබැඳියාව නිසා බව ප්‍රදේශවාසීහු පවසන්නේ. 

  රාජපක්‍ෂ පවුලේ අය හා ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ එකට සිට ගත් සේයා රූ මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරගෙන ගොස් තිබුනේ මේ අයුරින්.

GalleryGalleryGalleryGallery