ජනපති ජාතිය ඇමතිය යුතුයි.. අගමැති පුත් නාමල් කියන කතාව

By Sithumi Apr 15, 2022 12:56 PM GMT
Sithumi

Sithumi

Report

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් හෙළිකළ යුතු බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවක් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පවතින තත්ත්වයට තිරසාර විසඳුමක් ලෙස දේශපාලඥයින් සහ සමාජයත් ක්‍රම වෙනසක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා තරුණ පරපුර හා වෘත්තිකයින් එක්වීම වැදගත් බවයි ඔහු සඳහන් කළේ.

පවතින ක්‍රමයට නව ජවයක් ලබාදීමට අවහ්‍ය බවත් පරිපාලන ක්‍රමයේ ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.