“හෝ චි මිං බොහෝම පොඩි මනුස්සයෙක්, ලෙනින් පොඩි මනුස්සයෙක්” - ජනාධිපතිවරයාට ‘පොඩි මනුස්සයෙක්’ කියන විපක්ෂයට නාමල් තදින්ම අමතයි [VIDEO]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (01) පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි ගමු හෝචිමිං ගත්තොත් එහෙම බොහෝම පොඩි මනුස්සයෙක්. ලෙනින් ගත්තොත් පොඩි මනුස්සයෙක්. ඊළඟට මේ ලෝකය ගොඩනගන්න මැදිහත් වෙච්ච විද්‍යාඥයෝ, මේ ලෝකයට අලුත් අත්හදා බැලීම් කරපු, සොයාගැනීම් කරපු මිනිස්සු ඉන්නවා. මහා ලොකු පත දාර මිනිස්සු නෙමෙයි. පොඩි මිනිස්සු. ඉතින් ඒ නිසා පුද්ගලයෙක්ගේ ශරීර කූඩුව කොච්චරද, දිග පළල කොච්චරද, උස මහත කොච්චරද, එක අදාළ නැහැ. ඒ නිසා දැන් ඔප්පු කරලා තියෙනවනේ. හරි, ජනාධිපතිතුමා පොඩි කියමුකෝ. හැබැයි දැන් ලොකු ලොකු වැඩනේ කරන්නේ. කාටත් කරන්න බැරි වැඩනේ කරන්නේ. දැන් මේ අවුරුදු දෙකක් ඇතුළත ජාත්‍යන්තර ඇගයීමට ලක්වන තැනට, ජාත්‍යන්තර පැසසුම් එන තැනට අපේ රට ගෙනාවනේ. ඔය ලොකු ලොකුයි කරන කියන කට්ටිය කරපු දේවල් එක්ක තමයි ලොකු කට්ටිය දැන් හිරේ ගිහිල්ලා ඉන්නේ. පෝලිමක් ඉන්නවා තව යන්න ලොකු ලොකු කට්ටිය. ඉතින් ඒ නිසා දැන් විපක්ෂයේ මේ අයට චෝදනා නැහැනේ. මොකක්වත් කියන්න, හොරකම් කරා කියන්නද? පගා ගැහුවා කියන්නද? ඊට පස්සේ අපරාධ කරා කියන්නද? නැහැනේ. එගොල්ලොන්ට කියන්න තියෙන්නේ මොකක්ද? මුහුණේ තියෙන ලපේ ගැන කියන්න තියෙනවා, කොටයි කියන්න තියෙනවා. ඊට පස්සේ ශරීරයේ තියෙන අවයවයන් ගැන තමයි එගොල්ලොන්ට කියන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ තැන දක්වා විපක්ෂය අද පල්ලම් බැහැලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා.”

“පොහොට්ටුවේ මන්ත්‍රීලා තානාපති කාර්යාලවලට දුක කියන්න යනවද?” - නලින්ද පිළිතුරු දෙයි

“පොහොට්ටුවේ මන්ත්‍රීලා තානාපති කාර්යාලවලට දුක කියන්න යනවද?” - නලින්ද පිළිතුරු දෙයි

පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ දුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ දුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි