නාමල් ගේමට බහියි නාමල්ගෙන් වටගලට එන්තර වාසියක්
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එන්තර වාසියක් යොමුකර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කරනු ලැබූ බව කියන අපහාසාත්මක සහ ද්වේශ සහගත ප්‍රකාශයක් හේතුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් මෙම එන්තර් වාසිය යොමුකිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ.
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
නාමල් රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා සම්බන්ධ යැයි ඡායාරූප පෙන්වමින් මේ ආකාරයෙන් ඔහුට අපහාස කිරීම හේතුවෙන් මෙම එන්තර වාසිය යොමු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කරේ "එවන එන්තර වාසියක් එවන්න අපි ලෑස්ති ඒවට මුහුණ දෙන්න" යනුවෙනි.


