නායකත්වය අත් හරින්න සූදානම් වෙන හැමෝම දන්න ක්‍රිකට් තරුව.. මොකක්ද මේ එකපාරටම වුණේ?.(PHOTOS)

Bangladesh Bangladesh Cricket Team Latest Headlines Decision Making
By krishani Oct 27, 2024 05:04 PM GMT
krishani

krishani

Report

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ නායකත්වයෙන් ඉවත් වීමටයි.

නායකත්වය අත් හරින්න සූදානම් වෙන හැමෝම දන්න ක්‍රිකට් තරුව.. මොකක්ද මේ එකපාරටම වුණේ?.(PHOTOS) | Najmul Hossain Shanto

පසුගිය වසරේ දී නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේ ද නායකයා ලෙසින් පත් විය.

එලෙස, නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණි.

ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..

ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..


ඒ හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 2වනදා අවසන්වීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම, ඇෆ්ගනිස්තානය හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් සමගින් තරග වැඳීමට නියමිතව ඇත. 

නායකත්වය අත් හරින්න සූදානම් වෙන හැමෝම දන්න ක්‍රිකට් තරුව.. මොකක්ද මේ එකපාරටම වුණේ?.(PHOTOS) | Najmul Hossain Shanto

ඒ හේතුවෙන් බංග්ලාදේශයට කෙටි කාලයක් තුළදීම නව නායකයෙකු පත්කරගැනීමට සිදුවනු ඇත.

මේ අතර, ෂන්ටෝ සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගත් නායකයෙක් වේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්, ඉකුත් අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් කරා බංග්ලාදේශය මෙහෙවීමට ෂන්ටෝට හැකි විය.