කිඹුලෙකු විසින් රැගෙන යන අභිරහස් මළසිරුක් හමුවෙයි.(VIDEO).
Police
Sri Lanka
Parliament
Death body
By Aruna
දියවන්නා ඔයේ, පුද්ගලයෙකුගේ සිරුරක් කිඹුලෙකු විසින් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ජංගම දුරකතනයක සටහන්ව තිබිණ.
ඊයේ (09) පස්වරු 5.45 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේදීයි.
සිද්ධිය පටිගත කළ තරුණයා කියා සිටියේ මෙම කිඹුලා සිරුර කිඹුලාවල පාලම දෙසට සිරුර ඇදගෙන ආ බව ත් පසුව පාලම යටදී සිරුර අතහැර දමා ඇති බවත් ය.
පසුව කිඹුලා අතහැර දැමූ මෘත දේහය කුඹුලාවල පාලමට නුදුරින් තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් පසුව ගොඩ ගනු ලැබ තිබේ.
ඊයේ රාත්‍රී 9.00 ට පමණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ, මියගොස් ඇත්තේ වයස අවරුදු 60ක පමණ පුද්ගලයෙකු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |