ඇත්තටම ආදරේ කළේ නෑ අවුරුදු දෙක තුනක් යනකන්ම නිශාන්තට. නමවත් කියවුනේ නෑ. ප්‍රසිද්ධියේ කියන්න බෑ, තාම එයාවත් දන් නෑ අතෑරපු හේතුව. මුතු තරංගා කතා කරයි..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi May 04, 2023 02:34 PM GMT
Sithumi

Sithumi

Report

මුතු තරංගා කියන්නෙ පුංචි තිරයේ නිහතමානී ම රංගන ශිල්පිනියක් විදිහට හඳුනා ගැනෙන කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. මුල් කාලයේ ගීත රූප රචනා සහ ටෙලි නිර්මාණ හරහා අතිශය ජනප්‍රිය වූ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්. මේ ඇය ඇගේ ගමන් මඟේ ආරම්භය ගැන කාලෙකට කලින් කියපු කතාවක්..

“මම මුලින්ම මොඩ්ල් කළෙ.. ඩ්‍රාමා එකකට කතා කළා ආපු මුල් කාලේ. කොහොම හරි මාව ඕකේ වෙලා.. ඩිරෙක්ටර් ස්ක්‍රිප්ට් එක දෙන්න කෝල් කරන්නම් කිව්වා. මට ෆෝන් නෑනේ.. ඒ කාලේ ෆෝන් නෑනේ ඉතින්. මම ලෑන් නම්බර් එකක් දුන්නේ මගේ නෑදෑ කෙනෙක්ගේ. එයාට කතා කළාම එහෙම කෙනෙක් නෑ කිව්වලූ. ඒකෙන් තමා මගේ පළවෙනි ග්‍රාමා එක මිස් වුණේ..”

“මම ගමේ නිසා නැදෑයෝ ගමේ අය හිතුවෙ අමුතු විදිහට. අම්මා එක්ක ගියත් හිතන්නෙ වෙන දේවල්…” සැමියා නිශාන්ත ගැන මුතු කිවුවේ මෙහෙම කතාවක්… “නිශාන්ත මගේ ෆෑන් කෙනෙක්. ඊට කලින් අවුරුදු හතක ලව් එකක් තිබ්බා මගේ. කොහොම හරි ඒ ගොල්ලො පෝසත් මම දුප්පත්. ඒ නිසා ඒගොල්ලෝ මට කැමති වුණේ නෑ.. එකපාරටම මට එයාව එපා වුණේ.. සමහර පරිස්සාවල් එනවනේ ඒවා ප්‍රසිද්ධියේ කියන්න බෑ. තාම එයාවත් දන් නෑ අතෑරපු හේතුව..”

 “මොඩ්ල් කරන දවස්වල නිශාන්තව හම්බුණා.. මොඩ්ල් කරන්න වැටුණේ එකසැරයක් එයා එක්ක. මට එතකොට එෆෙයා එකක් තියනවනේ. මම ගණන් ගත්තෙවත් නෑ.. එයා කොහොමහරි මගේ ෆෑන් කෙනෙක්. මගේ සිංදුවක විශුවල් එකක් බලන්න ජිම් ගිහින් එනවලූ සැරින් සැරේ ගෙදරට…” “මම ඇත්තටම ආදරේ කළේ නෑ අවුරුදු දෙක තුනක් යනකන්ම නිශාන්තට. නමවත් කියවුනේ නෑ. අවුරුදු දෙකක් උත්සාහ කළා.. නිශාන්ත මාර විදිහට ආදරෙයි කියලා මම තේරුම් ගත්තා. ඒ ආදරේ වැඩි නිසයි මම කැමති වුණේ..”

GalleryGalleryGalleryGallery