දවසක බබත් එක්කම වෙඩින් එක ගන්නවා කියූ මුතූ තරංගා හොරෙන්ම නැවතත් විවහා වෙයි...(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 26, 2022 02:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන ආදරණීය අවිහිංසක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ. කාලයක් රූපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්.ඇය විවිධ චරිත රැසක් හරහා ප්‍රේක්ෂකයන් අතරට ආවා.

ඉතින් ඒ වගේම තමයි ඇය පහුගිය දවසක හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. ඒ ආදරණීය පුංචි පුතෙකු මේ ලෝකෙට බිහිකරමින්.ඇය වෙනස්වුන ජීවිතය ගැන කියන්නේ මෙවැනි කතවක්. නිලියක් ලෙසින් ජීවත්වුණු මගේ ජිවිතේ වෙනස්ම කාලයක් මේ ගෙවෙන්නේ.

හිතාගන්න අමාරුයි මට. අතෑරියා වගේ. වගකීම් වැඩි දැන් අම්මා කෙනෙක් නිසා. ඒ කැපකිරීම හරිම සතුටින් කරනවා. අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වීම වාසනාවන්තයි.මේ ගෙවෙන්නේ මගේ ජිවිතේ ලස්සනම කලේ කියලා මම හිතනවා. අපි දරුවෙක් ඕන කියන බලාපොරොත්තුවෙන් ඉදියේ ඉතින් ඒක හබවක් වුනා.

එදා හස්බන් නිශාන්ත නැටුවා සතුටට. දැන් අපේ පවුල සම්පුර්ණයි.මම ආස වුනෙත් පුතෙක්ට නිශාන්ත දුවෙක්ට කැමැත්තෙන් හිටියේ දරුවාගේ මුණ බලන්න ආසාවෙන් හිටියේ කවුරු උනත් පුතෙක් ලැබුනා අපිට. එයා තියොන් ජයවර්ධන . ඒ කියන්නේ දෙවියෝ දුන්න තෑග්ගක් කියන එක.

ප්‍රෙග්නට් අම්මා කෙනෙක් දකිනකොටත් මමං ඉස්සර බයයි. මගේ නංගිට බබා ලැබෙන්න ඉද්දි අක්කා ලගට එන්න එයා දගලනවා කියනවා. මම යන්නේ නැහැ. මම එතරමටම බයයි. ඒත් මන් හිතන්නේ මම දරුවෙක් හදන්න පරක්කු කරපු එක මහා මෝඩ පව්කාර වැඩක් කියලා. එයා ලැබෙන්න ඉද්දි දුන්න හැගීම් කියලා නිම කරන්න බැහැ.

අපි විවාහ ගිවිස ගත්තේ 2008 දී ඊට පස්සේ අපි විවාහ උත්සවයක් ගන්න ලෑස්ති වුණා. එහෙම ඉන්නකොට අපිට විදෙස්ගත වෙන්න වුණා.ඔහොම දන්නෙම නැතුව කාලයක් ගියා විවාහ ගිවිසගෙන කාලයක් හිටපු නිසා අපි විවාහ උත්සවයක් ගන්න හිතුවේ නැහැ.දෙන්නම හිතාගෙන ඉන්නේ බබා එක්කම වෙඩින් එකක් ගන්න අපි විවාහ වෙලා අවුරුදු පහළොවක් ඇත්තටම ඒක ගැන දැන් මම පසුතැවෙනවා. 

 දරුවෙක් හදන්න වයසක වැඩියි කියලා තේරෙන්නේ දැන්. මේ ක්ෂේත්‍රයට එන මගේ සහෝදරියන්ට කියන්නේ කලා වැඩ එක එක විවාහවෙන්න දරුවෙක් හදන්න හිතන්නෙ නැතුව ඉන්න එපා කියලා. ඒ ඒ වයස් වලදී ඒ ඒ අත්දැකීම් ගන්න ඒකත් නැති ගන්න හොඳ නෑ දැන් මගේ බබා චූටි මම වයසයි එයා ලොකු වෙනකොට එයාගේ ලස්සනම කාලෙට මට ඉන්න බැරි වේවි කියන බයකුත් මට දැනෙනවා.

ඇත්තටම අද මම පසුතැවෙනවා මව් පදවිය ලබන්න මම පරක්කු වුණා කියලා.ඇය පසු ගිය දිනක පවසා තිබ්බා. ඉතින් දවසක බබත් එක්කම වේදීන් එක ගන්නවා කියපු මුතු පසු ගියදිනක හොරෙන්ම ආය විවහා වෙලා,ඉතින් ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා තිබුනා. අපිට දැක ගන්නට ලැබුනා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGallery