ලක්ෂ 10ක් පාරට බහින්න යයි...ජනපතිට රතු එළියක්.

Sri Lanka Gotabaya Rajapakshe Sagara kariyawasam Muruththettuwe Ananda him]
By Aruna Aug 24, 2021 02:08 AM GMT
Aruna

Aruna

Report

අද වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරනය මත ජනතාව ලක්ෂ දහයක් පමණ එකවර පාරට බැසීමට ඉඩක් ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එසේ දස ලක්ෂයක් දෙනා පාරට බැස්සහොත් නීතිරීති හෝ පරමාධිපත්‍යය ජනතාවට අදාළ නොවුණු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දැවැන්ත මෙහෙයුමක් ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් සිදුකළ බවද පැවසූ වහන්සේ ඒ බව ජනාධිපතිවරයා දන්නවා දැයි තමන් නොදන්නා බවත් පැවසීය.

බීරි අලින්ට වීණා වයන්නා වැනි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරයා නොමඟ යවමින් සිටින්නේ ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් බවත් ජනතාව බියට පත් කරන්නේ කේවට්ට උපදේහකයන් හා ඇමතිවරුන් බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර රට වසා දැමීමක් නොකරන බවට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව එකග වීමෙන් පසුව රට වසා දමන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරුන් සිදු කරන්නේ ඉතා පහත් ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ1රණය කළ බවත් ඊට එකඟ වූ සමහර ඇමතිවරුන් එළියට ගොස් රට වසා දමන්නැයි ජනපතිට ලියුමක් යවා ඇති බවත් ඔහු පැවසීය.

එය ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක් බවත් කී මහ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයේ කතා කිරීමට කොන්ද පණ නැතිව එලියට ගොස් ලියුම් යවා ජනාධිපතිට යන්නට කලින් මාධ්‍යයට නිකුත් කර ඇතැයිද කියා සිටියේය.

මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකක් බවත් රට වසා දැමීමට වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතාම කණගාටු වන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha