නිවසේ සිටි තරුණිය කාර්යාලයට රැගෙන ඒමෙන් පසු ඇඳක්මත සිදුවූ සංවේදී ඉරණම මෙන්න..

Sri Lanka Police Attempted Murder Sri Lanka
By Aruna Sep 01, 2022 05:43 AM GMT
Aruna

Aruna

Report

කෑගල්ල සමගි ජනබලවේගය කාර්යාලයේ සේවිකාවක් කාර්යාලයේ පිටුපස කාමරේක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පවසයි.

වයස අවුරුදු 36 වන එම කාන්තාව කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

ඇයගේ නිවසට ගිය කෑගල්ල සමගි ජන බලවේගය සංවිධායක ඇය අද උදෑසන කාර්යාලය වෙත කැඳවාගෙන විත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නොඑසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now