භූතයෙකු ආරූඪ කරගෙන පුතා විසින් සිය මව මරාදමයි...රටම කම්පා කළ සිදුවීම මෙන්න..(PHOTOS)

Accident Sri Lanka Murder case Italian Naththandiya
By Aruna Feb 17, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉකුත් 15 මෙම ඝාතනය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවක්. තමාගේ සිරුරට ආරූඪවී ඇති ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා ඇති බවටයි එරට මාධ්‍ය පවසන්නේ..

සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර තිබේ.

පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery