ගෑනිගෙ ගෙදරට යද්දි අතේ මාට්ටු වුණා..අමු හෙළුවෙන් ජනේලෙන් පැනලා දිව්වෙ...පියා මැරූ පුතෙකුගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය.
“ඔලුවක් ඉතුරු වුණේ නෑ. විභාගෙ ප්‍රථිඵල ඇවිල්ලා... මං තමයි ඉස්කෝලෙ වැඩිම ප්‍රථිඵල අරන් තිබ්බේ...
” “මං දැකපු දේවල්වලට ඒ වෙලාවේ මගෙ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ මට දැණුනේ...”
මං දැකලා තියෙනවා, වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහා ලොකු අකුරින් "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා ගහලා තියෙනවා.
හැබැයි ඇත්තටම අපි කවදාවත් නීතියෙන් වරදකරුවෙක් වුණු කෙනෙක් ගැන එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.
ඔහු නමින් කාශ්‍යප. අපි ඉතිහාසය මතක් කළොත්, ඔහු සීගිරිය හැදුවා.
ඒ වගේම කලා වැව හදපු තමන්ගේ තාත්තව කලා වවේ බැම්මට තියලා මැටි ගහලා මැරෙව්වා. ඒ රජකම වෙනුවෙන්.
නෑ, මේ කියන්නේ ඒ කාශ්‍යප ගැන නෙමෙයි. වයස අවුරුදු 19දි ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව මහ උළු ගෙදරට සින්න වුණු කෙනෙක්.
මේ ඔහුගේ කතාව. "ඒ මං ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු අලුත. විභාගෙ ඉවර වුණා විතරයි. මං අපේ ලොකු තාත්තා එක්ක මේසන් වැඩවලට අත් උදව් දෙන්න යනවා.
අපි මහ ලොකු මිනිස්සු නෙමෙයි. අම්මාට දෙවෙනි ළමයව හම්බුණා විතරයි. එයා නංගි කෙනෙක්.
හරියට මගෙ දරුවෙක් වගේ, ඉස්සර යාලුවෝ විහිලු කරනවා. උඹලෑ තාත්තාට පුදුම විසයක්නෙ යකෝ තියෙන්නේ කියලා...
තාත්තත් කුලී වැඩ කරේ. ඒත් හම්බ කරන එකෙන් දහයෙන් පංගුවක්වත් ගෙදර ගේන්නෙ නෑ. බොනවා...
ගෙදර ඇවිත් අර කිරි දෙන ගෑනිට දස වද දෙනවා. අම්මා පුදුම කරුමයක් ගෙව්වේ... අම්මා ගෙදර නිකන් හිටියෙ නෑ.
කඩයප්පන් හදනවා. බීඩි ඔතනවා.. රෙදි මහනවා. අපිව බලාගත්තෙ ඒ හම්බ කරන සල්ලිවලින් තමයි.
එක දවසක් මං ගෙයක් බඳින්න වැඩකට ගිහින් හවස ගෙදර එනකොට අම්මා හොඳටම අඬනවා.
බලද්දි අම්මට ආරංචි වෙලා තියෙනවා තාත්තා ගමේ ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන කියලා.
අම්මා ඇඬුවේ එයාට ද්‍රෝහි වුණු එකට නෙමෙයි. අපිට පාරෙ බැහැලා යන්න බැරි වෙයි කියන දුකට.
මං ඉවසගෙන හිටියා... පස්සෙ කනින් කොනින් මටත් ආරංචි වුණා. ඒ ගෑනිගෙ මිනිහා රට.
ළමයි දෙන්නා එක්ක ගෙදර තනියම ඉන්නේ. උන් හෙන පොඩියි. මං දවස් ගාණක් බලන් හිටියා.
කොහොමහරි දවසක් රෑක මං යාලුවෙක්ගෙ ඔත්තුවකට ඒ ගෑනිගෙ ගෙදරට පැන්නා. අතටම අහු වුණා...
තාත්තා අමු හෙළුවෙන් ජනේලෙන් පැනලා දිව්වෙ සරම අතේ අරගෙන.
මං පස්සෙන් පැන්නුවා, මං දැකපු දේවල්වලට ඒ වෙලාවේ මගෙ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ මට දැණුනේ...
මහ රෑ කලුවරේ, ඒ පවුකාරයව මගෙ අතටම අහු වුණා.
බීලා හිටිය හින්දා මිනිහට දුවාගන්න පණ තිබ්බේ නෑ.
ඌ ඇදගෙන වැටුණා. මගෙ අතට අහු වුණේ මට උස්සගන්නවත් බැරි තරමේ ගල් ගෙඩියක්.
මං ඒක උස්සලා දමලා ගැහව්වා. ඔලුවක් ඉතුරු වුණේ නෑ.
විභාගෙ ප්‍රථිඵල ඇවිල්ලා... මං තමයි ඉස්කෝලෙ වැඩිම ප්‍රථිඵල අරන් තිබ්බේ...
ලොකු තාත්තා අඬලා තිබ්බා, එහෙම එකෙක්නෙ දෙයියනේ මට අතේ කරගැට එනකල් බදාම ඇනුවේ කියලා... මං ආසයි...
කවදහරි සමාවක් ලැබුණොත් ඔෆිස් එකක රස්සාවක් කරන්න, මහත්තයෙක් වගේ ඇඳගෙන ගිහින්..."
මිනිස්සු වැරදි කරන්නේ නෑ. සමහර අවස්ථා මිනිස්සුන්ව නොසන්සුන් කරවනවා.
එතකොට දේවල් සිද්ද වෙනවා. ඒවයෙ ප්‍රථිඵල සතුටුදායක නෑ. එපමණයි...!
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |