බිරිඳව ඝාතනය කළ සැමියාට(තැපැල් සේවකයා) වසර 14කට පසු අත්වූ ඉරණම(PHOTOS).
සිය බිරිඳට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අමානුෂික ඝාතනය 2007දී සිදුව ඇති අතර ඉන් වසර 14කට පසුව සැකකාර සැමියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් සිදුකළ විමර්ශනයකදී මෙලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
2007 වසරේ සැකකරු තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කර ඇති අතර, ඔහු එවකට තලවකැලේ වටගොඩ වත්තේ පදිංචිව සිට ඇති බව අනාවරණය විය.
සැකකරුගෙන් පහරකෑමට ලක්ව ඔහුගේ බිරිඳ මියයනවිට ඇය 49 හැවිරිදි වියේ පසුවී ඇත.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2009 වසරේ නිකුත් කළ නියෝගයක් මත කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් විමර්ශනවලදී 74 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේ වසර 14ක් තිස්සේ රැඳී සිටින බව අනාවරණ වී තිබේ.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

