අයියාගේ පිහි පහරින් සදහටම දෙනෙත් පියාගත් මල්ලී..සංවේදී සිදුවීමක්.

Police Murder Mathale
By Aruna Oct 13, 2021 03:48 AM GMT
Aruna

Aruna

Report

මාතලේ පොලිස් වසමේ කළුදෑවල ප්‍රදේශයේ දී එක ම පවුලේ වැඩිමල් සහෝදරයා විසින් බාල සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කල සිදුවීමක් වාර්තා වෙනවා.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර පිණිස මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 31ක් වූ කළුදෑවල - මාතලේ පදිකංචිකරුවෙක්.

පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදු කර ඇති අතර, ඝාතකයා මේ වෙනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය විසින් සිදු කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now