මුලතිව් මැරයන් තබා ගිය සාක්ෂිය (VIDEO)

CCTV motor bike mulathiw kallapaadu attack incident
By Sewvandhi Jun 28, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙනවා. මුලතිව් කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ නිවසකට යතුරු පැදිවලින් පැමිණි තියුණු ආයුධ රැගත් පිරිසක් කඩා වැදී තිබෙන්නේ ඊයේ රාත්‍රියේයි.

ඔවුන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂක කැමරාවට ද පහරදී විනාශ කර තිබෙනවා. පසුව තියුණු ආයුධයකින් නිවසේ සිටි පුද්ගලයෙකුට පහර දී ඇත. තුවාල ලැබූ එම පුද්ගලයා මුලතිව් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

සන්නද්ධ පිරිස නිවසට හා ඒ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකට හා වෑන් රථයකට පහර දී අලාභ හානි සිදුකරන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා. පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙලෙස පහරදී ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට බව පොලිසිය පවසනවා. පහරදුන් පිරිස සොයා මුලතිව් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha