දැරියක් පැහැර ගැනීමට පිරිසක් මුහුණට දියරයක් ඉහලා - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..
Sri Lanka Police
Mullaitivu
Sri Lanka
By krishani
මුලතිව් - පුදුකුඩිඉරිප්පු - කයිවෙලි ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වේ.
එහිදී කණ්ඩායමක එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
එම දැරිය සිය මව සමග උපකාරක පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ දී පිරිසක් විසින් පැමිණ ඇයගේ මුහුණට යම් දියරයක් ඉස තිබෙනවා.
එමගින් දැරිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු ප්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසෙන් එක් සැකකරුවෙකු අල්ලාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් සැකකරුව පොලීසියට භාර දුන් අතර අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
කෙසේවෙතත්, දැරිය පැහැර ගැනීමට උත්සාහ කළ අනෙක් පිරිස සොයා මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |