හෙට පාර්ලිමේන්තු එන්න ඕනේ මෙහෙමයි - කථානායකගෙන් දැනුම්දීමක්

Report

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන මෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇති බව වාර්තා වේ.

එබැවින් හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියා කරන මෙන් අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ප්‍රකාශ කළා.

මේ අතර ගෝලීය පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මඟින් හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීමට ලාංඡනයක් බෙදාහැරීමට ද කටයුතු සුදානම් කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.

දේශපාලන උණුසුම උච්චයට - මෙන්න අස්වීම් 10ක්

දේශපාලන උණුසුම උච්චයට - මෙන්න අස්වීම් 10ක්

ජපානයේ විශාල පෙරළියක් - කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි

ජපානයේ විශාල පෙරළියක් - කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි