විභාග දෙපාර්තමේන්තුවෙන් අතිවිශේෂ දැනුම්දීමක් - හෙට සහ අනිද්දා මේ සේවා අත්හිටුවයි
පද්ධතියේ යාවත්කාලීන කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (07) සහ අනිද්දා (08) දෙදින තුළ මාර්ගගත (Online) සහතික අයදුම් කිරීමේ සේවාව ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව අදාළ දින දෙක තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික පත්‍ර සඳහා අයදුම් කිරීමේ පහසුකම නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.