ජාත්‍යන්තර එමී වේදිකාව හොල්ලන්න යන ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය 'විජේ සේතුපති'! - Emmy සම්මානයක් පිරිනමන පළමු ඉන්දියානුවා වෙයි!"
ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජේ සේතුපති ජාත්‍යන්තර රූපවාහිනී ක්ෂේත්රයේ විශිෂ්ට නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන 54 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේ (International Emmy Awards) සම්මාන ඉදිරිපත් කරන්නෙකු (Presenter) ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මෙම පත්වීමත් සමඟ ජාත්‍යන්තර එමී සම්මාන උළෙලකදී සම්මානයක් ඉදිරිපත් කරන පළමු ඉන්දියානුවා බවට විජේ සේතුපති පත්වීමට නියමිතය. එය ඉන්දීය කලා ක්ෂේත්රයට ද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
'ද හොලිවුඩ් රිපෝටර් ඉන්ඩියා' (The Hollywood Reporter India) වාර්තාවකට අනුව, ජාත්‍යන්තර එමී සම්මාන පිරිනමන ජාත්‍යන්තර රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමියේ (IATAS) මණ්ඩල සාමාජිකාවක වන කවිතා ගුප්තා මෙම අවස්ථාව විජේ සේතුපතිට ලබාදීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.
මීට පෙර 2024 වසරේ පැවති 52 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේ නිවේදකයා ලෙස ඉන්දීය විකට නළු වීර් දාස් පත් කිරීමට ද ඇය මූලිකත්වය ගෙන කටයුතු කර තිබිණි.
එමඟින් ජාත්‍යන්තර එමී සම්මාන උළෙලක ප්‍රධාන නිවේදකයා බවට පත්වූ පළමු ඉන්දියානුවා ලෙස වීර් දාස් ඉතිහාසයට එක්විය. මෙවර එමී සම්මාන උළෙලේ ඉන්දීය නිර්මාණ දෙකක් නිර්දේශ වෙයි 54 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙල නොවැම්බර් 23 වැනි සඳුදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මැන්හැටන්හිදී පැවැත්වීමට නියමිතය.
පුතාගේ සිනහව වෙනුවෙන් පියුමි හංසමාලිගෙන් වටිනාම තෑග්ගක් - කාවිංගව පුදුම කළ හිතාගන්න බැරි Surprise එක
මෙවර උළෙලේදී විජේ සේතුපතිගේ සහභාගීත්වයට අමතරව ඉන්දීය නිර්මාණ දෙකක් ද ප්‍රධාන සම්මාන කාණ්ඩ සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.
ඒ අනුව SonyLIV ඔස්සේ විකාශය වූ පාපන්දු ක්‍රීඩාව පසුබිම් කරගත් 'Real Kashmir Football Club' නාට්‍ය මාලාව හොඳම නාට්‍ය මාලාව (Best Drama Series) කාණ්ඩය යටතේ නිර්දේශ වී තිබේ.
එමෙන්ම Netflix ඔස්සේ විකාශය වූ වීර් දාස්ගේ 'Vir Das: Fool Volume' විකට වැඩසටහන හොඳම විකට මාලාව (Best Comedy Series) කාණ්ඩය සඳහා නිර්දේශ වී ඇත.
මහේෂ් මතයි සහ රාජේෂ් මාපුස්කාර් අධ්‍යක්ෂණය කළ 'Real Kashmir Football Club' නිර්මාණයේ ප්‍රධාන චරිත මොහොමඩ් සීෂාන් අයියුබ් සහ මානව් කෝල් විසින් නිරූපණය කරනු ලබයි.
රටවල් රැසක් අතර උණුසුම් තරගයක් මෙවර ජාත්‍යන්තර එමී සම්මාන උළෙල සඳහා වැඩිම නාමයෝජනා සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ එක්සත් රාජධානිය වන අතර, එරටට නාමයෝජනා 14ක් හිමිව තිබේ. නාමයෝජනා 9ක් ලබාගත් බ්‍රසීලය දෙවැනි ස්ථානයේ පසුවෙයි.
හොඳම නාට්‍ය මාලාව කාණ්ඩය යටතේ ඉන්දියාවේ 'Real Kashmir Football Club' නිර්මාණය එක්සත් රාජධානියේ 'A Thousand Blows', ප්‍රංශයේ 'Carême' සහ ආර්ජන්ටිනාවේ 'Menem' යන නිර්මාණ සමඟ තරග වැදීමට නියමිතය.
හොඳම විකට මාලාව කාණ්ඩය යටතේ 'Vir Das: Fool Volume' සමඟ ආර්ජන්ටිනාවේ 'División Palermo' දෙවැනි කතා මාලාව, එක්සත් රාජධානියේ 'Man vs Baby' සහ ස්පාඤ්ඤයේ 'Old Dog, New Tricks' යන නිර්මාණ තරග වදියි.
හොඳම නළුවා සහ නිළිය සඳහා නිර්දේශිත පිරිස මෙවර හොඳම නළුවා (Best Performance by an Actor) සම්මානය සඳහා Javier Cámara ('Jakarta'), Ricardo Darín ('The Eternaut'), Ian Roberts ('A Kind of Madness') සහ Bobby Schofield ('Unforgivable') නිර්දේශ වී සිටිති.
හොඳම නිළිය (Best Performance by an Actress) සම්මානය සඳහා Mona Mina Leon ('Holy Sh!t'), Bárbara Mori ('Lucca’s World'), Park Ji-hyun ('You and Everything Else') සහ Sheridan Smith ('I Fought the Law') නිර්දේශ වී ඇත.
දිස්ත්‍රික්ක 18කට හදිසි 'ඇම්බර්' වර්ණ අනතුරු ඇඟවීමක් - හෙට අලුයම වෙනකම් දැඩි අකුණු සහ තද වැසි අවදානමක්
මෙවර ජාත්‍යන්තර එමී සම්මාන උළෙල ඉන්දීය රූපවාහිනී හා විනෝදාස්වාද ක්ෂේත්රයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති අතර, විජේ සේතුපතිගේ සම්මාන ඉදිරිපත් කිරීම ද උළෙලේ කැපී පෙනෙන සිදුවීමක් වනු ඇත.