ගිනි තැබූ මන්ත්‍රී ප්‍රසන්නගේ නිවස සෑදීමට ජනතා සහය...ජනතාවගෙන් මූල්‍ය හා භාණ්ඩ පරිත්‍යාග රැසකුත් (PHOTOS)

Prasanna Gampaha Sri Lankan protests Sri Lanka
By Sithumi May 29, 2022 12:48 PM GMT
Sithumi

Sithumi

Report

ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ නිවෙස් අතර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවස යළි ගොඩනැගීම එම ප්‍රදේශවාසීහු සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්ව අද (29) පෙරවරුවේ ආරම්භ කළහ.

මෙහිදී ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වූ අතර, මෙම ජනතාව ස්වේච්ඡාවෙන් මැදිහත්වී විනාශ වූ නිවස නැවත ගොඩනැගීම ආරම්භ කර ඇත.

නිවස යළි ගොඩනැගීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ඒ වෙනුවෙක් මූල්‍ය හා ශ්‍රම දැයකත්වය ලබාදීමට මෙන්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියහ.

ප්‍රකෝපකාරී වූ පිරිස් විසින් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබූ අතර එලෙස විනාශ වූ නිවසක් ජනතාව විසින්ම ඉදිරිපත් වී මෙලෙස යළි ගොඩනැගීම සිදු වන්නේ පළමුවරට බව ද වාර්තා වේ.

මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් පැවසුවේ ප්‍රසන්න රණවීර මහතාගේ නිවස ගොඩනගමින් ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය කණපිට හැරවීම සඳහා සමාජයටත්, රටටත් පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවයි.

ප්‍රසන්න රණවීර මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන අයකු නිසා ජනතාවගේ සහයෝගයෙන් නිවස ගොඩනැගෙන බවද ඔවුහු පැවසූහ. මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha