පාර්ලිමේන්තු ප්‍රබලයෙක්ට තර්ජනයක්..
By krishani
ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ සිදුකළ තර්ජනයකට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පොලිසියෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
මන්ත්‍රිවරයා විසින් ඒ පිළිබඳව හාලි ඇල පොලීසියට ඊයේ(16) දිනයේ දී ලිපියක් මගින් දැනුම් දී ඇත.
ඒ හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිය ෆේස් බුක් ගිණුමේ චාමර සම්පත් තවමත් ජීවතුන් අතර ද සහ ඔහුත් ලැයිස්තුවේ සිටින බවට සටහනක් පළ කර ඇති අතර,ඊට අදාළවයි මන්ත්‍රීවරයා විසින් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |