ඇඳිරි නීතිය කඩාගෙන ගිය මන්ත්‍රීවරයෙක් මත්පැන් තොගයක් සමඟ කොටුවෙයි....

Hatton Politics Sri Lanka mp-caught-with-alcohol
By Aruna Sep 05, 2021 08:42 AM GMT
Aruna

Aruna

Report

හැටන් බගවන්තලාව නගරයේ පිහිටි තානායමේ මත්පැන්හලේ මත්පැන් බෝතල් ඉතා සුක්ෂම ලෙස වතු ආශ්‍රිත ප්‍රදේශවලට රැගෙන යාමට පැමිණි 07 දෙනෙකු සහ එම තානායම පවත්වාගෙන යන නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු බගවන්තලාව පොලිසිය විසින් (04) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම සමග පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ එම තානායමද සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, (04) දින රාත්‍රියේ එම තානායම පවත්වාගෙන යන නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අදාල මන්ත්‍රිවරයා බගවන්තලාව අවට වතු වල ඔහුට හිතවත් කිහිපදෙනෙකු රාත්‍රි 10 ට පමණ බගවන්තලාව තානායම වෙත කැදවා තානායමේ මත්පැන්සැල විවෘත කර එම මත්පැන්සැලේ ගබඩාවේ තිබෙන මත්පැන් බෝතල් වතු ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රවාහන කිරිමට සුදානම් වන අවස්තාවේ බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ඔහුන්ව සැකපිට අත්අඩංගුට ගෙන ඇත.

වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් අලෙවි කිරිමේ අරමුණින් අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සිදු කිරිමට ගිය ජාවාරම පිලිබදව පොලිසියට ලැබුණු තොරතුරුක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අප බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කර (04) දින රාත්‍රියේම මුදා හැරි බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha