ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල ගිවිසුම්වලට අනුමැතිය
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව වන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
 - කැලණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්වවිද්‍යාලය අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
 - මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්වවිද්‍යාලයේ බහුවිධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.
 - මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටොකුයමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම