තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්
වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනා මැද වුවද අමාත්‍ය KD ලාල් කාන්ත මහතා විසින් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට නැවත වතාවක් ඔහු ගැන කතාබහක් නිර්මාණය වී ඇත.
ඒ අනුව ඔහු අදාළ සටහන තබමින් සඳහන් කර ඇත්තේ "තවත් වනචාරියෙකු දුටිමි" යනුවෙන්.
අමාත්‍යවරයා මින් පෙර අවස්ථාවකත් මිහින්තලයේ වනචාරියෙකු සිටින බවත්, ඔහු කට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන බවත් පැවසීම හේතුවෙන් චෝදනා රැසක් එල්ල විය.
ඒ මෑත කාලීනව රජය මඟින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති හිමියන් රජය වෙත දැඩි විවේචනයක් එල්ල කිරීමත් සමඟ අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් විහාරාධිපති හිමියන් ඉලක්ක කරගනිමින් රළු ප්‍රහාරාත්මක ප්‍රකාශ එල්ල කර තිබුණා.
ඒ සඳහා ලද විවේචනවලට ප්‍රතිචාර ලෙස ඔහු නැවත මෙසේ ප්‍රතිචාර දෙන බව ද සඳහන්. කෙසේ වුවත් අමාත්‍යවරයා මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ ආගමික හා සිවිල් සංවිධාන මඟින් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
එම සංවිධාන මඟින් අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටියි.