තවත් ලේඛන ඉදිරිපත් කළ යුතුයි...දේශබන්දුගෙන් මෝසමක්....

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician
By Akash Mar 17, 2025 05:14 AM GMT
Akash

Akash

Report

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට අද (17) මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් ගේ නීතිඥවරුන් විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.  

ReeCha