බොහෝ දෙනෙක් රට හැර යයි. ඉදිරියේ සිදුවන දේ

Srilanka Other countries
By Sithumi Oct 17, 2021 02:08 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට හැර දමා විදේශීය රටවලට යාමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙනවා.

ඒ අනුව ගත වූ මාස නමයේ දී පමණක් ශ්‍රී ලාංකික පුරවැසියන් එක් ලක්ෂ හැටදහස් එකසිය පනස් අට දෙනෙකු අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි සඳහන්. 

 ඔක්තෝබර් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ දින නවයට පමණක් එක්දින සේවා මෙන්ම සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර 16,700ක් පමණ නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම පිරිස අතර විදෙස් රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා මෙන්ම පදිංචිය සඳහා යන පිරිස් ද සිටින බව වාර්තා වනවා.