රට පුරා යතුරුපැදි කරුවන්ට විශේෂ දැනුම් දීමක්(VIDEO)
සොරාගත් යතුරුපැදි වෙනස් කර විකුණලා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි වල වර්ණය සහ අංක තහඩු වෙනස් කර අලෙවි කල ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් විවිධ ප්‍රදේශවලින් යතුරු පැදි සොරකම් කර පසුව සූක්ෂම ලෙස එම යතුරු පැදිවල අංක තහඩු සහ වර්ණය වෙනස් කර අලෙවි කර ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී එලෙස සොරකම් කල වර්ණය සහ අංක තහඩු වෙනස් කළ යතුරු පැදි පහක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු 27 සහ 54 යන වයස් වල පසුවන මෙම සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
ජයන්ත වීරසේකර – වැල්ලවාය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
