100ට බැහැපු මුරුංගා 1000 ට නංගපු අපූරුව.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Apr 19, 2024 11:05 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (18 ) දිනයේදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 100 ක් දක්වා පහත වැටී තිබුණද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබුනේ රුපියල් 1,000 කට.

මේ අතර පසුගිය මාර්තු මාසයේ මුලදී මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගියද ඊයේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක් රුපියල් 150 ත් 250 ත් අතර සිල්ලර මිලකට අලෙවි වී තිබෙනවා.

වියළි කලාපය ආශ්‍රිතව මේ දිනවල මුරුංගා සරුවට වැඩී තිබීමත් ඒවා වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබීමත් හේතුවෙන් මුරුංගා මිල ගණන් විශාල වශයෙන් පහත වැටී ඇති අතර පෙරේදා (17) දිනට සාපේක්ෂව ඊයේ (18 ) දිනයේදී එළවළු වර්ග රැසක මිල ගණන් පහත වැටී ඇත.

ඒ, අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 90 ක් දක්වාද නෝකෝල් කිලෝවක තොග මිල රුපියල් 80 ක් දක්වාද නුවරඑළිය රාබු කිලෝවක මිල රුපියල් 50 ක් දක්වාද කැකිරි කිලෝවක තොග මිල රුපියල් 15 ක් දක්වාද අඩුවී තිබෙනවා.