දෛනික ආසාදිතයින් ගණන 300 ඉක්මවයි

Covid-19
By Thaya Mar 21, 2021 06:39 PM GMT
Report

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 188 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 346ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,843ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,466කි.